2011/02/25

සින්ඩරෙල්ලා


පෙර දිනෙක
ප්‍රේමයේ සිහින සපත්තුව
තබා උකසට
මා ජීවිතයම
රැගෙන ගොස්
හදිසියේ නැවත පැමිණ
උකස ද නොබේරා
බලහත්කාරයෙන්
සපත්තුව උදුරා ගෙන ගොස්
සුරංගනා කතාව
අළුතෙන් ලියූ
සින්ඩරෙල්ලා
නුඹ ය!

-පද්මසංඛ-



4 comments:

  1. සිඬරෙල්ලා! බොහෝ දෙනා පට්ට ගහන මාතෘකාවක්.මේකෙ තියෙන්නෙ පැරදුන ප්‍රෙමයක් බොහෝ කෙල්ලො පට්ටගහන සිඬරෙල්ලා ෆැන්ටසියක්.ඒකෙ ඇති නැවුම් බවක් නැතිබව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.මේ මුලාවෙන් මිදෙන්න අනුන් සඳහා ලියන්නෙ නැතුව තමන් සඳහා ලියන්න.එවිට නැවුම් නිර්මාණ බිහිවේවි.බොහෝ අය කියනව වගේ විශිශ්ඨයි කියල ඔබව මුරුංග අත්තෙ තියන්න මට ඕනෙ නෑ.හොඳනිර්මාන බිහිවීමට විවේචනය බොහොම වැදගත් බව මගේ හැඟීම.මැණිකක් නිකම් පොලව යට තිබුනට වටිනාකම අඩුයි එය හොඳට කපා ඔපමට්ටම් කල විට වටිනාකම වැඩියි.තනි වදනෙ විචාර වලට හසු නොවී හොඳ නැවුම් නිර්මාණ කිරීමට ඔබට ශක්තිය.

    ReplyDelete
  2. ස්තූතියි අයියා!! මේ මම අවුරුදු ගානකට කලින් ලියපු එකක්!:)

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!