2014/02/12

නියර



වැහි වැටෙනා දිනෙක
ජලයට වැළඳෙන උමතු බව
වලක්වනු බැරි වග
දන්නා නමුදු
නියර....

තම සිරුර
පසාරු කර
ගලද්දී ජල දහර
ජලය රැක ගැනුමට
වේදනා ඉවසා
වෙහෙසෙයි
දියව මිය යන තෙක්ම
නියර....

ඉපිලෙයි තුටින
බොහෝ සුවිසල්
ඇල දොල - ගඟ දියට මුසුව
පිටව ගිය ජල දහර
මරා දමා
නියර....

අවසන
තම පවිත්‍ර බව
ලුණු දියට බිලි වන
අවසන් නිමේශයෙහි
ජල දහර සිහි කරයි
නියර....

සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2014 පෙබරවාරි 12

2 comments:

  1. //ඉපිලෙයි තුටින
    බොහෝ සුවිසල්
    ඇල දොල - ගඟ දියට මුසුව
    පිටව ගිය ජල දහර
    මරා දමා
    නියර....//
    මෙන්න මේ කොටසනම් ගැලපෙන්නෙ නැහැ වගේ නේද..?
    සතුටින් ඉපිලෙන්නෙ නියර ද..
    නැතිනම් ලොකු ජල කඳ ද..??

    ReplyDelete
  2. සිරා...කොහොමත් "පහත් තැනින් යයි ගලා ජලේ" නේ බං

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!