2014/02/15

හිත හිත

පාළුවේ ගසක
හිත රිකිළි අතර
මුමුණ මුමුණා සරන
සැනසුමක් සොයන
ප්‍රේමයේ සීමාව මවන
ප්‍රේමියේ නුඹ ගැනයි සිහින
මේ අසම්පූර්ණ හිම සිහින

මිනී මල් පිපුන
නිම්නයක කෙලවරක
හඬා හඬා සලන
කඳුළු දෙනෙතක රැඳුණ
දියවරේ රන් මසුන් කොහිද
දිය වුණේ නුඹ ගැනයි මතක
මේ අරුම පුදුම කලු මතක

ටිකක් රැළි වැටුන
ඔරලෝසු වතක
මීට පෙර මැකුන
යලි යලිත් ඇඳුණ
බලා හිඳී ඔබේ මිණි නිල් නුවන
බලාපොරොත්තුවේ රන් රේඛාව
මේ සිර වූ ප්‍රේමයෙන් ඇඳි රේඛාව

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 15

3 comments:

  1. සිරවූ ප්‍රේමයෙන් ඇඳි රිදී රේඛාවක හරි භයානකයි මිත්‍රයා..අපූරු පද පෙලක්

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි මිතුරනි! :)

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!