ලෝකයේ අනෙක් පස
චිත්රාගාර තුල මැවෙන
අතථ්‍ය සිහින මත දුවන
නළු සුද්දන් මල විට ගලන
මුහුණු පොත බිතු තෙමන
අංකිත කඳුළු කැට කොහි ද?
අංකිත සොටු දියර හිඟ ද?
පුංචිම රටක තැනක
දහඩිය තුලින් ඉපිද
වේදිකා මතින් නැගිට
පාදම තැනි තථ්‍ය මිනිසුන්
කලා පස පොහොර කර මල විට
සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 03
Bandula withanage, ඉන්දුල විතානගේ sinhala Poems සිංහල කවි
මේ වගේ දුර්ලභ මිනිසුන් අපිව හැරයන්නේ, අපි ඉන්නේ මෙවැනි මිනිසුන්ට නුසුදුසු කුණුවූ සමාජයක නිසයි.
ReplyDeleteඅනේ මංද මේකට මොනව කියන්නද කියල...
ReplyDeleteමට මතකයි පොල් වෝකර් වැරිච්ච දවස් වල බුකිය... ඒත් මේ වගේ කෙනෙක් සමහර විට ලංකාවට වටින්නෙ නැතිව ඇති...
අනේ මංද බං
තවත් නොමල මිනිසෙක්
ReplyDelete