යාන්තම් තරලමය ඝන
පරිපූර්ණ තද නිහඬතාවෙක හිඳ
බැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙන
ඒ පළමු තප්පරය පටන් ගන්නා තැන
අහිමිව යයි මට - මගේ යැයි කී හිත
නුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවර
මවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂය
බදා මා - අඟලකදු නොඉතිරි කොට
අග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොට
උපරිමැති පැණි රසක් එහි කවා - පොවා මට
එතැන කල්පයක් කොට එතප්පරය මත
නරක දෑ කෝටියක් කොට එකල්පය තුල
නික්ම ඉගිලී ඇත - රුදු සිලා සිළුව නුඹ
නැවත මා දෙනෙතු හැර බලන කල
සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 ඔක්තෝබර් 02
කවිය නම් හරිම අගෙයි... රසවත්... රසවත් විතරක් නෙමෙයි හරවත්
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට! :)
Delete