දශකයක් දිගු කටුක ගමනක
කර මතින් කුමරියක් අරගෙන
පෙමේ සවියෙන් හිතම පුරවා
නැගිමි මේ කඳු මුදුණ වෙත මම
මුදුණ සිට ඇගෙ ගමන කෙලවර
යා කෙරූ මග කටුක නොවුනෙන්
ඉතින් ඈ බැස කර මතින් මගෙ
යන්න පිටවුණි පසුත් නොබලම
එහෙව් ලොව අදහන්න නොහැකිව
දෙනෙතු සේදෙන සැඳෑවක අග
කඩු පොලුද නෙක අමෝරාගෙන
ස්මරණ සේනා දුටිමි මෙහි එන
උදව් කරනට පැමිණි නොහැකි ද
කියා ඇය වෙත හඬගැසූව ද
මගේ කට හඬ ඇයට ඇසුණි ද
නොම දනිමි මම නොහැරුණා ඇය
මියෙනු නොහැකිව කඳු මුදුන මත
සටන් වදිනෙමි හැකි ලෙසින් අද
දිනුම පැරදුම මොක වුවත් හෙට
මගේ කර උණුසුම්ය හැම දින
සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 03
විරහා ගිතයක් වගෙයි...
ReplyDeleteඅපූරුයි බට් අවුල් මොකද සීන් කෝන් එක හරියට නොමදැන මොකුත් කියන්න බයයි
මේක මනස්මෘතියක්ද සත්‍යක්ද