2015/01/18

නෞකාවේ ගීතය


"අතැර දැමූ එක නෞකාවකි ඔබ"
මගේම හදවත මට කියනා
මොහොතින් මොහොතට සැඩ රළ පහරට
කෑලි කැඩී විසිරී බිඳෙනා
රුවල් ඉරී සුළඟේ ලෙලෙනා

ගිලෙනා බැව් දැන හැම ඉක්මන් කර
පිට වුණු දිනේ පටන්
මතකයෙ ඇඳි බොඳ සිතුවම් පමණකි
තනියට හිටියෙ ලඟින්

ළිහිණි හඬින් රිදවුම් අමතක කර
හැකි ලෙස ඇදෙමි වෙරෙන්
අවසන් තොටුපල ලංවනු කලියෙන්
ගිලෙනට නොරිසි බැවින්

සහන් පද්මසංඛ පීරිස්
( THE SAHAN )
2015 ජනවාරි 18

2 comments:

  1. රුවල් ඉරී ගිය නෞකාවේ........................... නියමුවානනේ
    නොගිලී දළරළ පෙළ අතරේ.....

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!