2015/01/14

නුඹම ය


විශ්වය මැවූ නුඹම ය
එහි පෙම සැදූ නුඹම ය
මා හද මැවූ නුඹම ය
තැබුවේ පෙමෙහි පතුලෙ ය

සාගර ජලෙත් නුඹෙම ය
පෙම දිය කලෙත් නුඹම ය
කඳුළක රසත් එයම ය
එහි හිමිකමත් නුඹෙම ය

සඳ රැස් නුඹේ සිනහ ය
තරු රැස් නුඹේ දෙනෙත ය
අහසම නුඹේ වසඟෙ ය
හිරු රැස් නුඹේ සෙනෙහෙ ය

සුවිසෙස් බවෙක මහිමය
මෙසියලු අරුම පෑම ය
එහැමට කරුණ නුඹම ය
නුඹ නම් සොඳුර මගෙමය

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2015 ජනවාරි 14

Picture - from here

6 comments:

  1. පද ටික නුඹේම ය
    අදහස නුඹේම ය
    කවි ටිකක් නුඹේම ය
    අගය නොකරම බැරි ය

    ReplyDelete
    Replies
    1. :) බොහෝම ස්තූතියි!!! :)

      Delete
  2. ආයේ ඉතින් මේවට ලියන්න දේවල් නෑ සහෝ.. උපරිමයි..

    ReplyDelete
    Replies
    1. හිහී!! ස්තූතියි දිනේෂ්!!

      Delete
  3. පට්ටයි සහන් අය්ය
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මල්ලියේ!

      Delete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!