2015/05/26

සිහි උනා ඒ දවස්


අහම්බෙන් දුටුව එක

පෙම්වතුන් යුගලයක්

"නූඩ්ලස් කමු ද මහේස්?"

අම්මෙක්ම වාගේම
ඇය එහෙම අහනකොට
කුඩා දරුවෙකු වගේ
හිනැහුණා ඔහුත්

එතකොටම

"ඔයා ආසා දෙයක්"
හුඟක් දේ සඟවාපු
හරි හීනි හඬක්

මට ඉතිං සිහි උනා

අරුම ඒ දවස්
ලොවේ නන් දනන්ගෙන්
වෙනස් වූ අපිත්..

මවක් වන් වූ නුඹත්..

හුඟක් දේ මට දුන්න
නුඹත්..
ඒ වගෙම මමත්..
හුඟක් දේ නුඹෙන් නොඅරගත්තු
මමත්..

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 16


No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!